“ඇයි ඔයාට මාව තේරුම් ගන්න බැරි?”, “මට, ඔයා මාව රවට්ටනවා වගේ දැනෙනවා”, “ඇයි ඔයාට බැරි මට අනිත් අය වගේ ආදරේ කරන්න”?.  බොහෝ විට ඔබට ආදර සම්බන්ධයක් ඇති විට මෙම ප්‍රශ්න ඔබ ඔබේ පෙම්වතා හෝ පෙම්වතියගෙන් අසා ඇති බවට සැකයක් නැත. ඔබ සම්බන්ධතාවය ගෙන යන විට යම් අවස්ථාවක දී, ඔබේ සහකරු ඔබව අතිශය දුකට පත්කරන අවස්ථාවක් පැමිණීමට ඉඩ ඇත. එලෙස සම්බන්ධතාවය තුළ දුක් විඳීමට පටන් ගන්නා විට ඔබ ඉහත සඳහන් කළ පරිදි විවිධ දේ කියමින් එකිනෙකාට චෝදනා කිරීමට පටන් ගනී. සමහර විට අපි සොයන සියල්ල සතුටයි, අපි සම්බන්ධතාවයකට දායක වන විට උච්ඡවචනයන් සමඟ කටයුතු කළ යුතු බව අපට වැටහෙන්නේ නැත. බොහෝමයක් අය පවසන්නේ ආදරයක් තිබෙනවා නම් ඒ සම්බන්ධය සාර්ථක වේ යැයි කියාය. මෙම “ආදරය” තුළ තිබිය යුතු ප්‍රධාන කරුණු ගැන ඔබ කවදා හෝ සිතුවාද? විශ්වාසය, ගෞරවය, පරිත්‍යාගය, දායකත්වය සහ දෙදෙනා අතර ඇති අන්‍යෝන්‍ය අවබෝධය යනු  එම ප්‍රධාන කරුණු කිහිපයකි. ඔබේ සහකරුගේ චරිතය තේරුම් ගැනීම සහ හඳුනා ගැනීම ඉතා වැදගත් වේ. එසේ නොවේ නම්, ඔබ සැමවිටම ඔබේ සම්බන්ධතාවය ගැන අසතුටට පත් වනු ඇත. මිනිසුන් එකිනෙකාරට  වෙනස්ය. සැවොම එකිනෙකාට අනන්‍යයි කියා පවසන්නේ එම නිසාය. එය අපි තේරුම් ගතයුතු දෙයකි. අප මෙම යතාර්ථය සමඟ ගමන් නොකරන්නේ නම්, සම්බන්ධතාවය පහත වැටෙනු ඇත.

ඔහු හෝ ඇය කවුදැයි හඳුනා ගැනීමට උත්සාහ කිරීම වැදගත් වේ. පුද්ගලයෙකු හඳුනා ගැනීමේදී සන්නිවේදනය ඉතා ප්‍රයෝජනවත් බැවින් ඔවුන් සමඟ කතා කිරීම, ඔබේ අදහස් ඔවුන් සමඟ බෙදා ගැනීම වැදගත් වේ. සන්නිවේදනය නොමැතිකම නිසා සියල්ල විනාශ විය හැක, මන්ද අනෙක් පුද්ගලයාට හැඟෙන්නේ කෙසේදැයි දැන ගැනීම වෙනුවට අපි උපකල්පනය කිරීමයට යාම නිසාය. ඔබට පුද්ගලයෙකු ගැන ඔහුගේ / ඇයගේ බාහිර පෙනුමෙන් පැවසිය නොහැක, ඔබ ඔහුගේ අභ්‍යන්තරය අවබෝධ කර ගත යුතුය. ඔබ එම පුද්ගලයාට ආදරය කළේ කෙසේද යන්න ගැන සිතන්න, එම පුද්ගලයා සමඟ ඔබ ආදරය කිරීමට හේතු වූ දේ ගැන සිතන්න. ඔහු/ඇය අතිශයෝක්තී වදන්  වලින් ඔබව විශ්මයට පත් කිරීමට උත්සාහ කළාද  ඔහු/ඇය තමන් පරිපූර්ණ පුද්ගලයෙකු ලෙස නිරූපණය කිරීමට උත්සාහ කළාද නැතහොත් ඔහු/ඇය  වැරදි සිදු කර ඔවුන් තුළ සිටින සැබෑ පුද්ගලයා පෙන්වූවාද? කෙසේ වුවත් ඔබේ සහකරු තේරුම් ගැනීම පමණක් ප්‍රමාණවත් නොවේ, ඔබේ සම්බන්ධතාවය පිළිබඳ ඔබේ සිතුවිලි වෙනස් කිරීමට ඔබට හැකියාව තිබිය යුතය. ඔබ සෑම දෙයක්ම පරිපූර්ණ ලෙස බලාපොරොත්තු නොවිය යුතුය. ඔබ සැබවින්ම ඔබේ සහකරුගෙන් ආදරය ලබා ගත යුතු නමුත් ඒ සමඟම, ඔබට කැප කිරීමට සිදුවනු ඇති බව ඔබ තේරුම් ගත යුතුය. ඔබේ සතුට සැමවිටම ඔබේ සහකරු මත රඳා පවතී නම්, ඔබ කිසිදා සෑහීමකට පත් නොවනු ඇත. ඔබේ සිතුවිලි සහ ශක්තිය බලවත් බව නිතරම මතක තබා ගන්න. ඔබ ඔබේ සම්බන්ධය තුළට නිෂේධනාත්මක ශක්තියක් ක්‍රියාත්මක කෙරුවහොත් එය ඔබේ සහකරු ගැන නිෂේධනාත්මකව සිතීමට හේතු වේ.

 න්‍යායක් සමඟ ඔබේ සහකරු තුළ ඇති චරිතය හඳුනා ගැනීමට දැන් උත්සාහදරමු. එය ගැරී චැප්මන්ස්ගේ න්‍යායයි. ( Gary Chapman’s theory )මෙය ආදර භාෂා 5ක න්‍යාය ලෙසද හදුන්වයි ( Theory of 5 love languages). ඔබේ සහකරු තුළ ඇති චරිතය හඳුනා ගැනීමට මෙය ඔබට උපකාර කරයි. පළමුවැන්න “Words of affimation “වේ. මෙය කථා කරන වචන, ප්‍රශංසා සහ අගය කිරීම තුළින් සෙනෙහස ප්‍රකාශ කිරීමයි. මෙම පුද්ගලයින්ට සැමවිටම ඔවුන්ගේ සහකරුගේ ආදරය වචන වලින් අවශ්‍ය වේ. ඔවුන් ආදර උපුටා දැක්වීම් ඇසීමට ප්‍රිය කරන අතර ඔවුන් හුරුබුහුටි කෙටි පණිවිඩ ලැබීමට ප්‍රිය කරයි. ඔවුන්ට “මම ඔබට ආදරෙයි” යන වචන තුන නිතර ඇසීමට හැකි නම්, එය ඔවුන්ට ප්‍රමාණවත් වේ. දෙවැන්න “Quality time” වේ. මේ අයට ආදරය නොබෙදුණු අවධානයකින් යුතුව පෙන්විය යුතුයි. මෙම පුද්ගලයින්ට සෑම විටම තම සහකරුවන් සමඟ වැඩි කාලයක් ගත කිරීමට අවශ්‍ය වේ, එය කුඩා කතාබහක් හෝ දිනයක්ද යන්න ගැටළුවක් නොවේ. ඔවුන්ට අවශ්‍ය වන්නේ ඔවුන්ගේ සහකරුවන්ගෙන් ලැබෙන කාලයයි. ඔවුන්ගේ සහකරු සිටින විට සහ ඔවුන් කෙරෙහි අවධානය යොමු කරන විට ඔවුන්ට ආදරය දැනේ. තෙවැන්න “Acts Of Service” වේ. මෙම පුද්ගලයින් ඔවුන්ගේ සහකරුවන්ගෙන් උපකාර ලබා ගැනීමට කැමැත්තක් දක්වයි. සමහර විට ඉවීමට,  සමහර විට කාර්යාල වැඩට, සමහර විට ඔහුගේ/ඇයගේ ඉගෙනීමටය. හතරවැන්න “Gift Giving” වේ. මෙය සංකේතාත්මක ආදරයේ වර්ගයකි. මෙම පුද්ගලයින් තම ආදරවන්තයින්ගෙන් තෑගි ලබා ගැනීමට කැමතියි. ඔවුන් සිතන්නේ තෑගි දීම තම ආදරය ප්‍රකාශ කිරීමට හොඳම ක්‍රමය බවයි. ඔවුන් විශාල හෝ මිල අධික තෑගි බලාපොරොත්තු නොවේ. ඔවුන් බලාපොරොත්තු වන්නේ තෑග්ග තෝරාගැනීමට තම සහකරු දරන උත්සාහයයි. අවසන් කරුණ “ Physical Touch  වේ. මෙම පුද්ගලයින්ට ආදරය දැනෙන්නේ කායික ස්නේහය තුලිනි. ඔවුන් කැමති කායික ආදර ජීවිතයක් ගත කිරීමටයි. මෙයට වැළඳගැනීම්, සිපගැනීම් සහ ලිංගිකත්වයද ඇතුළත් විය හැක. Dr. Chapman පවසන ආකාරයට මෙම ආදර භාෂා 5න් එකක් හෝ ඊට වැඩි ගණනක් තිබෙන අය සිටී. මෙම වෙනස්කම් අවබෝධ කර ගැනීම ඔබේ සම්බන්ධතාවයට යහපත් බලපෑමක් ඇති කළ හැකි අතර ඔබේ සහකරු ඔබට ආදරය කරන ආකාරය හඳුනා ගැනීමට එය ඔබට උපකාර කරයි. එය ඔබට යහපත් සහ සෞඛ්‍ය සම්පන්න සබඳතාවක් ඇති කර ගැනීමට මඟ පාදයි.

අවසාන වශයෙන් ගත් කල ඔබ ඔබේ සහකරුගේ ප්‍රශ්න ගැන දිගින් දිගටම පැමිණිලි කළහොත් ඔබට තව තවත් ප්‍රශ්න ඇති වේ. එමනිසා, ඔබේ සම්බන්ධතාවය පිළිබද වෙනස් ලෙස සිතීමට ඔබට ගැටළු අවශ්‍ය බව නිතරම සිතන්න. වෛරය සහ උඩඟුකම තබා නොගන්න. අපි මේ ජීවිතයෙන් හිස් අතින් යමු, අපි ඉපැයූ සියලුම ද්‍රව්‍යමය දේ මෙහි දමා යාමට අපට සිදුවනු ඇත. ඔබ සමඟ පමණක් යන දේවල් වනුයේ ඔබ බෙදාගත් ආදරය, ඔබ දැක්වූ දයාව, නිහතමානීකම, ඔබේ උපකාරය, ඔබේ කරුණාව යනාදියයි. කෙසේ නමුත් ඔබේ සහකරු තුළ ඇති චරිතය  හඳුනා ගැනීමට හැකිවීම ඔබගේ ආදරය රැකගැනීමේ රහස බව ඔබ සැමවිටම මතක තබා ගත යුතුය.

Share This Blog, Choose Your Platform!

Search

Find more posts